×

HOW TO CONTRIBUTE

1 Arrange Your Information
2 Categorize as Article, Photo, News
3 Send it to Us

If you still have problems, please let us know, by sending an email to admin@ingiriyacity.lk. Thank you!

HOURS

Mon-Fri 9:00AM - 6:00PM

SIGN IN YOUR ACCOUNT TO HAVE ACCESS TO DIFFERENT FEATURES

FORGOT YOUR PASSWORD?

FORGOT YOUR DETAILS?

AAH, WAIT, I REMEMBER NOW!

Ingiriya City

Ingiriya City

Ingiriyacity.lk is the Official Website of Ingiriya City

Ingiriya Web
Ingiriya, 12440, Sri Lanka

Open in Google Maps
Ingiriyacity.lk=Ingiriya.com
  • About Ingiriya
  • Special Places
  • About Us
  • Ingiriya Blog
  • Contact Us
  • How to Contribute
  • Home
  • Overview
    • Overview
    • Introduction
    • History
    • Historical Stories
  • Geography
    • Physical Features
    • Land
    • Climate
    • Roads
    • Bus Routes
    • Drainage
    • Agriculture
    • Animal Husbandry
    • Environmental Problems
  • Beauty
    • Nachchimale
    • Pareithota
    • Madakada Aranya
    • Bodhinagala Aranya
    • Bodhinagala Bird Santuary
    • Hora Forest Reservation
    • Urugala Holombuwa
    • Kura Uda Waterfall
  • Admin
    • Administration
    • Divisional Secretariat
    • GN Divisions
    • Police Station
    • Religious Places
    • Telecommunication
    • Electricity
    • Industries
    • Banks
    • Organizations
  • Stats
    • General
    • Population
    • Nationalities
    • Religions
    • Age Group
    • Education Based
    • Family Income
    • Employment
    • Transportation
  • Art
    • Artists
    • Art Institutes
  • Health
    • Health
    • M.O.H
    • Medical Centers
    • Pharmacies
  • Education
    • Education
    • Schools
    • Pre Schools
    • Dhamma Schools
  • Home
  • Ingiriya Blog
  • Random
  • ඇදුරුගල ගල්ලෙන් ගවේෂණය
March 7, 2026

ඇදුරුගල ගල්ලෙන් ගවේෂණය

0
Sunday, 07 July 2019 / Published in Random

ඇදුරුගල ගල්ලෙන් ගවේෂණය

ඇඳුරාගල ගල්ගුහා සංකීර්ණය බස්නාහිර පලාතේ කළුතර දිස්ත්‍රික්කයේ රයිගම් කෝරළයේ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයට අයත්වේ. පානදුර රත්නපුර මාර්ගයේ ඉංගිරියේ සිට කිලෝමීටරයක් පමණ හොරණ දෙසට ගමන් කරද්දී ඇඳුරාගල පිහිටා ඇත.
ඇඳුරාගල ප්‍රදේශය වර්තමානයේ ඇඳුරාගල වතුයායෙන් වැසී ඇත. වර්තමානයේ කොටගල වැවිලි සමාගම විසින් පාලනය කෙරේ. මෙහි ඉංගිරිය අඩවි වන කාර්යාලයෙන් නඩත්තුවන රක්ෂිතයක්ද පිහිටා ඇත.
මෙම ප්‍රදේශය ඓතිහාසික වැදගත්කමක් ඇති ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන ඇති නමුත් පුරාවිද්යා අවදානයට අවම වශයෙන් ලක්වු ස්ථානයකි. මෙම ස්ථානය ගවේශනය සදහා කේසර සමාජිකයෝ 2015-02-04 දින අභියෝගාත්මක චාරිකාවක් ආරම්භ කළේය.

පෙරවරු දහයට පමණ කේසර අධ්‍යාපන ලේකම් සංකජ ධනුෂ්ක සොයුරාගේ නිවසේ සිට ගමන් ඇරඹූ ඔව්හු දුශ්කර ගමන් මගක් ඔස්සේ ගල්ගුහා සංකීර්ණය තරණය කළහ.
පුරාණයේ පටන් ශස්ශ්‍රීක ප්‍රදේශයක් ලෙසින් පැවති බවට සාක්ෂි එමට ඇත.
එමෙන්ම පුරාතනයේ රයිගම වෙළද මාර්ගය ඇදුරාගල හා ඇත්ගාල කන්ද හරහා වැටී තිබුණි. රයිගම් රාජධාණියේ වෙළදාම සඳහා අලි ඇතුන් රැගෙන ආ මාර්ගය මෙය බව කියවේ. මේ ආශ්‍රිතව රයිගම රාජධානියේ කඩවත් බලකොටුවක් පැවති බවද කියවේ.
ඇඳුරාගල පිළිබදව ඇති ජනප්‍රවාද අනුව මෙය රයිගම් රාජධානි යුගයේ ඉතා ශස්ශ්‍රීක ගම්මානයක්ව පැවත ඇත. ඉංග්‍රීසීන් විසින් වියලි කාලයක් බලා වල්කොටා මහා ගින්නක් අවුලවා ඇත. මෙහිදි ගම්බිම් හරකාබාන වතුපිටි සියල්ල අතහැර අතට හසුවන දෙයක් ගෙන සිය දරුවන්ද රැගෙන දිවි බේරා ගැනීමට අසල ප්‍රදේශ වෙත පලා යෑමට ගම්වාසීන්ට සිදුව ඇත. පසුව මායිම් ලකුණු කර මෙම ප්‍රදේශය වාණිජ වැවිලි වගාවන් සදහා යොදාගෙන ඇත. මෙහිදී අවතැන්වූ ජනයාගෙන් අවට ගම්මාන ජනාවාස වූ බව පැරැන්නෝ පවසති. අණතුරුව දකුණු ඉංදීය කම්කරුවන් මෙහි පදිංචි කර ඇත.

වර්ථමාන තත්වය එසේ නමුදු පුරාතන මෙගලතික යුගය දක්වා විහිදෙන මානව ජනාවාස පවතින්නට ඇතැයි සැලකේ. මෙම ප්‍රදේශයේ පවතින ගල්ගුහා සංකීර්ණයේ පුරාතන මානව ජනාවාස පවතින්නට ඇතැයි සැලකේ. මෙම ගල්ගුහා හතකින් යුත් සංකීර්ණය උමං මාර්ග පද්ධතියක් මගින් සම්බන්ධව පැවති බවට මත පවති. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්යාලයේ ඉතිහාසය හා පුරාවිද්යා අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය කරුණරත්න හෙට්ටිආරච්චි මහතා මෙම ගල්ගුහා සංකීර්ණය පිළිබද අධ්‍යයනය කර ඇත. නිවැරදි කැණිමකදී ෆාහියන්ගල හා සමාන්තර මානව ජනාවසවල පොසිල සොයාගත හැකිවෙනු ඇතැයි මත පලකර ඇත.

  • ඈතින් පෙනෙන්නාවූ අපේ ඉලක්කය වූ ඇදුරාගල මැදි කන්ද
  • දුශ්කර මගක් ඔස්සේ ගමන් කරමින්
  • මැදි කන්ද පාමුල ගිමන් හරිමින්

මෙම ගල්ගුහා සංකීර්ණය සහිත ඇදුරාගල, මැදි කන්දේ ගල්ගුහා හතක් පවතී. මේ ගල්ගුහා ස්වභාවික ගල්ගුහා වන්නට ඇතැයි සැළකේ. මේ එකිනෙක යා කරන උමං මාර්ග පවතින්නේ යැයි පැරැණ්නෝ විස්තර කරති. නමුත් විධිමත් කැණීමක් නොවූ බැවින් තහවුරු කළ තොරතුරු නොමැත. මෙහි ඇතැම් ගුහාවල කපරාදුවක හා හුනු බදාමයක ලක්ෂණ තවමත් ඉතිරිව පවතී.

මෙම ගල්ගුහා ත්‍රිත්වය එක හා සමාන නොවේ. ඇතැම් ඒවා කුඩාය. තවත් ඒවා දිගය, ඇතැම් ඒවා ඔලාකාරය. සංඛ්‍යයක අභ්‍යන්තරය වැනිය. මේ සෑම ගල්ගුහාවකම දක්නට ලැබුණ පොදු ලක්ෂණය නම් කාලයාගේ ඇවෑමෙන් මෙම ගල් ගුහා අභ්‍යන්තරයේ විශාල පස්තට්ටු තැම්පත්වී ඇති බවය.

ඇදුරාගල මැදි කන්ද ප්‍රධාන ගල්ගුහාව

මෙම ඇදුරාගල ප්‍රධාන ගල්ගුහාව ලෙසින් හදුන්වන ගල්ගුහාව අඩි 100ක් පමණ අභ්‍යන්තරය දිගය. අඩි පණහක් පමණ පළල්ය. අතීත ආදා මානවයින්ගේ පවුල් කිහිපයක්ම ගෝත්‍රවශයෙන් මෙහි රැදී සිටින්නට ඇත.මෙම ගල්ගුහාවට ඉහළන් කටාරම් කොටා ඇත්තේ කිසියම් වැදගත් උතුමෙක් මෙහි විසූ නිසා බව පැහැඳිළිය. ඒ බෝධි නම් ඇදුරා වන්නට ඇත. ගුහා අභ්‍යන්තරයේ උමන් මාර්ගයක් ඇත. වර්තමානයේ පස්වලින් ගොඩවී ඇති නිසා ගමන් කිරීම අපහසු නමුත් අප සගයින් එහි මද දුරක් බඩගා ගමන් කළේය. ගණ අදුර, පිරිසිදු වාතය හිගය, වවුල් වසුරුවල දුර්ගන්ධය නිසා වඩාත් අභයන්තරය ගවේශනය කිරීමට අවස්ථාවක් නොවීය. ඇතුම් නූගතුන් සිතනුයේ මෙවැනි ස්ථානවල නිදන් ඇති බවය. නමුත් මේවායේ ඇත්තේ පුරාවිද්‍යාත්මක අගයක් පමණි. අතීත මෙගලිතික යුගයේ මානවයින් පිළිබද පර්යේෂණ කිරීමට අනාගතයේ යම් දිනක මෙම ස්ථානය අමිල වූ වටිනා ස්ථානයක් වනු ඇත.

  • උමගේ් අභ්‍යන්තරය
  • උමගේ් අභ්‍යන්තරය

මෙම ප්‍රධාන උමගේ වැඩිම දුරක් ගමන් කළේ යැයි කියවෙන්නේ අතීතයේ ගෝණා බැදි කඩවල සිටි ගොලු තරුණයෙකි. ජන ප්‍රවාදයේ එන අන්දමට හෙතෙම කෙලින් සිටගත හැකි මට්ටමකට ගමන් කර ඇත. සුදු වැලිතලාවක සිටි නාගයෙක් දැකීමෙන් බියපත්ව ආ බව කියවේ. මෙම ප්‍රධාන ගල්ගුහාවෙන් නික්මුනු අප පෙරටත් වඩා දුශ්කර මාර්ගයක් ඔස්සේ කන්දේ බටහිර දෙසට ලගාවීමු. කන්දේ බටහිර දිග ඉතාම අපූරුය. එහි පරිසරය සෙසු පෙදෙස් වලට වඩා වෙනස්ය. අතීත මෙගලතික යුගයේ ලක්ෂණවල සේයාවන් මේ පෙදෙසේ තවමත් මද වශයෙන් හෝ ඉතිරිව ඇත. මෙම කලාපයේ ඇත්තේ පතොක් මිශ්‍ර අමුතුම පරිසර කලාපයකි.

අප මේ කලාපයට එන විට මධ්‍යහනය පසුව තිබින. දිගැති ගල්තලාවක් මත දිගඇතී අපගේ ගමන් සගයෝ සියල්ලෝම කෙටි විවේකයක් ලැබීය. එම දිගැති ගල්ගලාවට බොරලුගොඩ කර්මාන්ත පුරවරය ඈතින් දිස්වේ.

  • ඈත පෙනෙන ආයෝජන කලාපය

ඉන් අනතුරුව අප කේසර ගවේශන කණ්ඩායම නැවත ගමන් ඇරඹුවේ ඇදුරාගල රක්ෂිතයේ වැඩි දෙනෙක්ගේ අවධානයට යොමු නොවන ඇදුරාගල ඓතිහාසික ජනාවස පැවතියේ යැයි සැළකෙන වයඔ දිග කලාපයටය. මෙහි පාෂාණමය පිහිටීම්, අතීත නිවාස පවතින්නට ඇතැයි සැලකෙන තැන්වල වැඩී ඇති වනයට ආගන්තුක දෙහි ගස්, සියඹලා ගස් දක්නට ලැබේ. බොහෝ ස්ථානවල ගල් පඩි හා ශෛලමය නටඹුන්ද විසිර ඇත.

අතීතයේ මේ ඇදුරාගල හා ගෝණා බැදි කඩවල ප්‍රදේශයේ සිංහල ගම්මාන පැවතින. අතීතයේ සුදු අධිරාජ්‍යවාදීන් විසින් වියලි කාලයක් අල්ලා මහා ගින්නක් අවුලවා ඇත. මෙහිදී අතට හසුවන දේ සහ අතට හසුවන දරු මල්ලන් රැගෙන ගම්වාසීන් කැකුලාදොළ ප්‍රදේශයට පලාගොස් ඇත. මෙම මහා ගින්නට ලක්වූ පෙදෙස වල්කොටා ඇදුරාගල වත්ත කරවූයේ මුඩුබිම් පනතට මුවාවීය. අපි අනතුරුව උතුරු දිසාවෙන් පල්ලම් බැස අප චාරිකාව නිමා කළෙමු.

මෙම ඓතිහිසික ඇදුරාගල ගවේශන චාරිකාවට මානානේ ජිනදාස මාමා, ජානක තරංග, නුවන් ප්‍රභාෂණි, පී.ඒ සමීර, නිර්මාන් ශ්‍රී චතුරංග, සනත්, බුද්ධිකා, නුවල් මොරගල්ල, ලක්මාල් මොරගල්ල, දිල්ශාන්, සංකජ ධනුෂ්ක යන සොයුර සොයුරියන් එක්විය. එමෙන්ම ඇදුරාගල මේ ජාතික උරුම භූමිය රක්ෂිතයක් කර ආරක්ෂා කිරීමට මුල්වූ ඉංගිරිය හිටපු ප්‍රාදේශීය ලේකම් ධර්මසේන මහතාටද විශේෂ ස්තූතිය හිමිවිය යුතුය.

සටහන හා ඡායාරූප – ජානක තරංග ආරියරත්න

Post Views: 4,695
  • Tweet

What you can read next

පැල්පිටිගොඩ මිනිරන් පතල් ගවේශනය
ඉංගිරිය කොකිස් අච්චු පාලම
ඉංගිරිය ගල්මුල්ල ගල්ගුහා ගවේෂණය

සොයන්න

කාණ්ඩ

  • Ingiriya History
  • Random

Recent Posts

  • ඌරුගල හොලොම්බුව

  • රයිගම් රාජධාණියේ ඉතිහාසය

  • පැල්පිටිගොඩ මිනිරන් පතල් ගවේශනය

  • ඉංගිරිය ගල්මුල්ල ගල්ගුහා ගවේෂණය

  • ඉංගිරිය ඔරලෝසු වල

ෆේස්බුක් පිටුව

USEFUL LINKS

  • Ingiriya Information
  • Ingiriya News Bulletin
  • Ingiriya Photo Gallery
  • Ingiriya Wikipedia Page
  • Ingiriya Facebook Page
  • Ingiriya Facebook Group

LIKE INGIRIYA ON FACEBOOK

GET IN TOUCH

Email: admin@ingiriyacity.lk

www.ingiriyacity.lk
Ingiriya, Western Province, Sri Lanka

  • About Ingiriya
  • Special Places
  • About Us
  • Ingiriya Blog
  • Contact Us
  • GET SOCIAL

© 2010-2024. All Rights Reserved. Ingiriya.com.

TOP