×

HOW TO CONTRIBUTE

1 Arrange Your Information
2 Categorize as Article, Photo, News
3 Send it to Us

If you still have problems, please let us know, by sending an email to admin@ingiriyacity.lk. Thank you!

HOURS

Mon-Fri 9:00AM - 6:00PM

SIGN IN YOUR ACCOUNT TO HAVE ACCESS TO DIFFERENT FEATURES

FORGOT YOUR PASSWORD?

FORGOT YOUR DETAILS?

AAH, WAIT, I REMEMBER NOW!

Ingiriya City

Ingiriya City

Ingiriyacity.lk is the Official Website of Ingiriya City

Ingiriya Web
Ingiriya, 12440, Sri Lanka

Open in Google Maps
Ingiriyacity.lk=Ingiriya.com
  • About Ingiriya
  • Special Places
  • About Us
  • Ingiriya Blog
  • Contact Us
  • How to Contribute
  • Home
  • Overview
    • Overview
    • Introduction
    • History
    • Historical Stories
  • Geography
    • Physical Features
    • Land
    • Climate
    • Roads
    • Bus Routes
    • Drainage
    • Agriculture
    • Animal Husbandry
    • Environmental Problems
  • Beauty
    • Nachchimale
    • Pareithota
    • Madakada Aranya
    • Bodhinagala Aranya
    • Bodhinagala Bird Santuary
    • Hora Forest Reservation
    • Urugala Holombuwa
    • Kura Uda Waterfall
  • Admin
    • Administration
    • Divisional Secretariat
    • GN Divisions
    • Police Station
    • Religious Places
    • Telecommunication
    • Electricity
    • Industries
    • Banks
    • Organizations
  • Stats
    • General
    • Population
    • Nationalities
    • Religions
    • Age Group
    • Education Based
    • Family Income
    • Employment
    • Transportation
  • Art
    • Artists
    • Art Institutes
  • Health
    • Health
    • M.O.H
    • Medical Centers
    • Pharmacies
  • Education
    • Education
    • Schools
    • Pre Schools
    • Dhamma Schools
  • Home
  • Ingiriya Blog
  • Ingiriya History
  • ඉංගිරියේ කළු අප්පු 1812
March 7, 2026

ඉංගිරියේ කළු අප්පු 1812

0
Saturday, 06 July 2019 / Published in Ingiriya History

ඉංගිරියේ කළු අප්පු 1812

1812 වසරේ පෙබරවාරි 10 වැනිදා දින ලංකා ඉතිහාසයේ පළමු වතාවට පුද්ගලයකු එල්ලා මැරූ දිනය ලෙසට සටහන්වී ඇත. එල්ලූම් ගහට ගිය පළමුවැන්නා ලෙස ඉතිහාසයට එක්ව සිටින්නේ ඉංගිරියේ කළුඅප්පුය. ඉංග‍්‍රීසි ආණ්ඩුවට එරෙහිව නැගී සිටීම කළුඅප්පු කළ වරද විය. ගස් හැමතැනම තිබුණද එල්ලූම් ගස් හැමතැනම නැත. දැනට ලංකාවේ එල්ලූම් ගස් තියෙන්නේ දෙකකි. එකක් වැලිකඩ බන්ධනාගාරයේය. අනෙක බෝගම්බර බන්ධනාගාරයේය. යාපනය බන්ධනාගාරයේද එල්ලූම් ගසක් තිබුණද පසුකාලයේදි එය ඉවත් කර තිබේ. ඉංගිරියේ කළුඅප්පු එල්ලා මැරුවේ වැලිකඩදී බෝගම්බරදී හෝ යාපනයේදී හෝ නොව පෑලියගොඩදීය. එයට හේතුව, මුල් කාලේදී එල්ලා මැරීම කරනු ලැබුවේ මිනීමැරුම් සිදුවූ ස්ථානයට ආසන්නම නගරයේ ප‍්‍රසිද්ධ ස්ථානයකය. ඉංගිරියේ කළුඅප්පු එල්ලූමගහට ගියේ පෑලියගොඩ ප‍්‍රදේශයේ තාවකාලිකව ඉදිකළ පෝරකයකය. එදා අළුගෝසුවා වශයෙන් කටයුතු කළේ කවුරුන්දැයි නිශ්චිත නැත. එහෙත් ඉංගිරියේ කළුඅප්පු එල්ලා මරා දැමීම සඳහා වියදම් වූ මුදල සම්බන්ධ වාර්තා තිබේ. එම වාර්තාවට අනුව ”කළු අප්පු”ගේ එල්ලූම් ගහේ වියදම මෙසේය. අවශ්‍ය ලී දඬු සඳහා වැය කරන ලද මුදල පවුම 12 අවශ්‍ය උපකරණ පෑලියගොඩට ගෙන යාම සඳහා කරත්ත මුදල පවුම් 3 කළු අප්පු එල්ලීම සඳහා ගත් කඹය පවුම් 1යි පනම් 6 අළුගෝසු නිල ඇඳුම් සඳහා – පවුම් 10 කළු අප්පුගේ විශේෂ ඇඳුමට – පවුම් 4 අළුගෝසු වැටුප – පවුම් 3 බටා – පවුම් 4යි, පැන්ස 4යි. කළු අප්පු එල්ලා දැමූ කඹයෙහි දිග අඩි 30කි. ගණකම අඟල් 3/4ත් 1ත් අතර විය. වැනිලා ගණ පැළෑටියෙන් ලබාගත් කෙඳි පළමුව හොඳින් තම්බා තිබේ. ඒ ”ඇදීම” අවම කර ගැනීම සඳහාය. එයට හේතුව එල්ලූම් ගසේ වේදිකාවේ දොරපළු දෙක විවෘත වී මරණකරු පහළට ඇද වැටුණු පසු යළි ඉහළට හෝ පැත්තට හෝ දුන්නක් මෙන් පොළා පැන වේදිකාවේ වැටීමේ සිදුවිය හැකි අමතර හානි වළක්වා ගැනීමටය. කළුඅප්පුගේ ගෙලට වැටුණ තොණ්ඩුවේ හා කඹයේ ඉටි සබන් හෝ ග‍්‍රීස් ගල්වා තිබේ. ඒ තොණ්ඩුවේ ගැටේ පහසුවෙන් ලිස්සා ගොස් සිරවීම පහසු කිරීම පිණිසය. එල්ලා මැරීමේ නියමිත මරණකරු පහතට හෙළීමට ගතවන කාලය තත්ත්පරෙන් හතරෙන් පංගුවෙන් තුනෙන් පංගුවක් අතර වේ. ඔහුගේ සිරුරේ බර අනුව යෙදෙන ගුරුත්වාකර්ෂණ බලයත් වැටෙන දුරේ බලයත් එකින් එක වැඩි කිරීමෙන් ලැබෙන අගයට තොණ්ඩුවේ ගැටේ ස්ථානගත කරන ස්ථානය හා සම්බන්ධ කර සලකා බලන කල මරණකරුගේ ගෙල ප‍්‍රදේශයේ අස්ථි ක්‍ෂණිකව විසන්ධි කිරීමට එම බලපෑම සමත් වේ. මේ ආකාරයෙන් එල්ලා මැරීමකදී විනාඩි තුනත්-හයත් අතර කාලයක් ඇතුළත මොළය මිය යාමත්, විනාඩි පහක් පහළොවක් අතර කාලයක් තුළ සමස්ත සිරුරම මිය යාමත් අපේක්‍ෂා කෙරේ. ඇතැම්විට විනාඩි විසි පහක පමණ කාලයක් ගත වන තුරු හදවත ස්පන්දනය වෙමින් පැවතීමට ඉඩ තිබේ. ඉංගිරියේ කළුඅප්පු එල්ලූම් ගහට ගිගේ එසේය. ඒ මොහොතේදී කළු අප්පුට වේදනාවක් දැනුනේදැයි කීමට සමතෙක් නැත. එල්ලා මරා දැමීමට ලක් වූ ඕනෑම අයකුට ඒ වේදනාව දැනුනේදැයි කීමට සමතෙක් නැත. විද්‍යාඥයන්ගේ මතයට අනුව එල්ලූම් ගහට ගිය අයකුට වේදනාවක් දනෙන්නේ නම් ඒ ගෙලෙන් අස්ථි විසන්ධි වන මොහොතේදී පමණි. මේ එල්ලූම් ගහ මෙරටට හිමි වූයේ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ යුගයේදීය. ඇතුන් ලවා පෑගවීම, වංගෙඩියේ දමා කෙටීම, උල තැබීම, හිස ගසා දැමීම ආදී දඬුවම් ක‍්‍රම පසුකර පැමිණි යටත් විජිතයක එල්ලූම් ගහ බරපතළම දඬුවම් වශයෙන් අවධාරණය කෙරිණි.

උපුටාගැනීම – ලංකාදීප පුවත්පත

Post Views: 2,716
  • Tweet

What you can read next

රයිගම් උඩුගහ පත්තුව
රයිගම් රාජධාණියේ ඉතිහාසය
ඉංගිරිය ජනඝෝෂා නඩුව 1993

සොයන්න

කාණ්ඩ

  • Ingiriya History
  • Random

Recent Posts

  • ඌරුගල හොලොම්බුව

  • රයිගම් රාජධාණියේ ඉතිහාසය

  • පැල්පිටිගොඩ මිනිරන් පතල් ගවේශනය

  • ඉංගිරිය ගල්මුල්ල ගල්ගුහා ගවේෂණය

  • ඉංගිරිය ඔරලෝසු වල

ෆේස්බුක් පිටුව

USEFUL LINKS

  • Ingiriya Information
  • Ingiriya News Bulletin
  • Ingiriya Photo Gallery
  • Ingiriya Wikipedia Page
  • Ingiriya Facebook Page
  • Ingiriya Facebook Group

LIKE INGIRIYA ON FACEBOOK

GET IN TOUCH

Email: admin@ingiriyacity.lk

www.ingiriyacity.lk
Ingiriya, Western Province, Sri Lanka

  • About Ingiriya
  • Special Places
  • About Us
  • Ingiriya Blog
  • Contact Us
  • GET SOCIAL

© 2010-2024. All Rights Reserved. Ingiriya.com.

TOP