×

HOW TO CONTRIBUTE

1 Arrange Your Information
2 Categorize as Article, Photo, News
3 Send it to Us

If you still have problems, please let us know, by sending an email to admin@ingiriyacity.lk. Thank you!

HOURS

Mon-Fri 9:00AM - 6:00PM

SIGN IN YOUR ACCOUNT TO HAVE ACCESS TO DIFFERENT FEATURES

FORGOT YOUR PASSWORD?

FORGOT YOUR DETAILS?

AAH, WAIT, I REMEMBER NOW!

Ingiriya City

Ingiriya City

Ingiriyacity.lk is the Official Website of Ingiriya City

Ingiriya Web
Ingiriya, 12440, Sri Lanka

Open in Google Maps
Ingiriyacity.lk=Ingiriya.com
  • About Ingiriya
  • Special Places
  • About Us
  • Ingiriya Blog
  • Contact Us
  • How to Contribute
  • Home
  • Overview
    • Overview
    • Introduction
    • History
    • Historical Stories
  • Geography
    • Physical Features
    • Land
    • Climate
    • Roads
    • Bus Routes
    • Drainage
    • Agriculture
    • Animal Husbandry
    • Environmental Problems
  • Beauty
    • Nachchimale
    • Pareithota
    • Madakada Aranya
    • Bodhinagala Aranya
    • Bodhinagala Bird Santuary
    • Hora Forest Reservation
    • Urugala Holombuwa
    • Kura Uda Waterfall
  • Admin
    • Administration
    • Divisional Secretariat
    • GN Divisions
    • Police Station
    • Religious Places
    • Telecommunication
    • Electricity
    • Industries
    • Banks
    • Organizations
  • Stats
    • General
    • Population
    • Nationalities
    • Religions
    • Age Group
    • Education Based
    • Family Income
    • Employment
    • Transportation
  • Art
    • Artists
    • Art Institutes
  • Health
    • Health
    • M.O.H
    • Medical Centers
    • Pharmacies
  • Education
    • Education
    • Schools
    • Pre Schools
    • Dhamma Schools
  • Home
  • Ingiriya Blog
  • Random
  • ඉංගිරිය ගල්මුල්ල ගල්ගුහා ගවේෂණය
March 7, 2026

ඉංගිරිය ගල්මුල්ල ගල්ගුහා ගවේෂණය

0
Tuesday, 23 July 2019 / Published in Random

ඉංගිරිය ගල්මුල්ල ගල්ගුහා ගවේෂණය

ඉංගිරිය ගල්මුල්ල ගල්ගුහා පිහිටා තිබෙන්නේ කලුතර දිස්ත්‍රික්කයේ, ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, නිමළගම ග්‍රාම නිලධාරී වසමේය. පිවිසිය හැකි ආකාරය ඉංගිරිය නගරයේ සිට හොරණ දෙසට කිලෝමීටරයක් පමණ පැමිණ රිනවුන් ගරාජය ඉදිරිපිට ඉසුරුපුර මාර්ගයේ කිලෝමීටර් බාගයක් පමණ ගමන් කළ විට හමුවන බුදු පිළිමය අසලින් වමට හැරී මීටර් සීයක් පමණ ඉදිරියට ගොස් ඔරලෝසු තටාකය අසලින් දකුට හැරී මද දුරක් ගොස් නවගම්මානය අසලින් වනගත කන්ද නැග ගොස් ගල්මුල්ල පෙදෙසට ලගාවිය හැකිය. වැදගත්කම වනුයේ ඓතිහාසික ගල්ගුහා කිහිපයක් වීමයි. ඇදුරාගල ගල්ගුහා සංකීර්ණයටම නෑකම් කියයි. ගල්මුල්ල ප්‍රධාන ගල්ගුහාව අවට කුඩා වටිනා ස්වභාවික වනාන්තරයකි.

රයිගම් කෝරළයේ සැඟවුණු ඓතිහාසික හා පාරිසරික වැදගත් කමක් ඇති ස්ථාන ගවේශනය කරන අප කේසර සගයින්ගේ ඊළග ගවේශන චාරිකාව වූයේ ගල්මුල්ල ගල්ගුහා ආශ්‍රිත කලාපය ගවේශනය කිරීමය. අපේ සගයින් ඉංගිරිය ඔරලෝසු තටාකය අසලට රැස්විය. ජානක තරංග, නුවන් සුජීව රණසිංහ, සංගීත් මධුසංක, චමත් දුල්ශාන්, සචිත් ජීවන්ත හා මාර්ග දර්ශනයෙන් ඉසුරු පුර ඩබ්ලිව්. රත්නපාල මාමාද අප හා එක්විය.
ඔරලෝසු තටාකයෙන් මුහුණ කට දොවා ගත අප උදෑසන ආහාරය ගෙන, චාරිකාව අරඹනු වස් ගමන් මලුද කරදා ගතිමු. පෙරමුණු ගත්තේ රත්නපාල මාමාය. එතුමා ඉංගිරිවත්තේ දීර්ගකාලයක් කන්කානම් වශයෙන් සේවයෙහි නිරතව සිටි අයෙකි. මෙම කලාපය ගැන අතැඹුලක්සේ දන්නා එතුමාගේ පිටුපසින් අපි ගමන් කරන්නට වීමු. මාධ්‍යවේදී මහතෙක්ද අප හා එක්විය.

මෙම ගල්ගුහා සංකීර්ණය සහිත ඇදුරාගල, මැදි කන්දේ ගල්ගුහා හතක් පවතී. මේ ගල්ගුහා ස්වභාවික ගල්ගුහා වන්නට ඇතැයි සැළකේ. මේ එකිනෙක යා කරන උමං මාර්ග පවතින්නේ යැයි පැරැණ්නෝ විස්තර කරති. නමුත් විධිමත් කැණීමක් නොවූ බැවින් තහවුරු කළ තොරතුරු නොමැත. මෙහි ඇතැම් ගුහාවල කපරාදුවක හා හුනු බදාමයක ලක්ෂණ තවමත් ඉතිරිව පවතී.

ගොඩැලි කිහිපයක් පසු කර අපි ගල්මුල්ල කන්ද අසලට පැමිණියෙමු. ඉන්අනතුරුව අපේ ගමන් සගයින් තමන් විසින් ගෙනා නිල් සබන් කකුල් වල හොඳින් ගාන්නට වුයේ ගල්මුල්ල පෙදෙසේ අඩුවක් නොමැතිව සිටින කූඩැල්ලන්ගෙන් ගැලවීමටය. කූඩැල්ලන්ට තරමක හෝ ප්‍රතිචාර දැක්වූයේ එම සබන් වර්ගය පමනි.

ඉතින් අප රබර් වතුයාය මැදින් ඉදියට ගමන් කරන්කරන්නට විය. අප දුටු කිරි කපමින් සිටි කාන්තාවක් මහත් කුතුහලයෙන් අප දෙස බැලීය. නමුත් රත්නපාල මාමා ඔවුන් අමතා අප ගල්මුල්ල ගල්ගුහා තරණය කිරීමට යන බව පැවසීමෙන් ඒ කුතුහලය මදක් සමනය විය. අතීතයේ ඉතාම කාර්ය බහුල ලොකු ආදායමක් ගත් වත්තක් වූ ඉංගිරියවත්ත ඒ. එජ් ඩී සොයිසා මහතාට අයත්ව තිබිණ. හෙතෙම පානදුරේ සුප්‍රකට ධනවතෙකි. නමුත් රජයට පවරා ගැනීමෙන් පසු එහි ක්‍රියාකාරීත්වය දුර්වල විය. වත්තෙන් විශාල පෙදෙසක් ඉංගිරිය නව නගර සැලැස්මට අනුගතව එළිපෙහෙලිවිය. තවත් කොටසක ජනතාව පදිංචි කළේය. ගම්උදා ඇතිවය. මේ සියල්ල නිසා ඉංගිරිය වත්ත අභාවයට ගියේය. සොයිසා වත්ත නමින්ද හැදින්වෙන්නේ මෙම වත්තමය.

ඉන් අනතුරුව අප අවතීර්න වූයේ වනගත පෙදෙසෙටය. ඉහළට එසවීගිය තුරු මුදුන්වට මූවා වී එන හිරු එළිය ග්‍රහණය කර ගනිමින් යටිරෝපණය සරුවට වැඩී ඇත. අප එකිනෙකට වෙලී ඇති කුඩා ගස් හා වැල් වලන් බේරි ඉදිරියට ගමන් කිරීම අපහසු කාරණයකි. ඒවන විට අප ඉදිරියට යමින් සිටි අඩිපාර මිනිසුන් වැඩිපුර ගමන් නොකර නිසා මැකී යමින් තිබිණ. අපි ගල්මුල්ල ප්‍රධාන ගල්ගුහාවට ආසන්න වෙත්ම කළබලයට පත් මීමින්නෙක් අප අසලින් දිවගියේය. මින් පෙර මීමින්නෙක් ජීවමානව මෙතරම් ආසන්නයෙන් අප දැක තිබුනේ නැත.

රත්නපාල මාමා නොවන්නට ඒ අඩි පහර හරහා වැටී ඇති වල් උරන් නිතර ගමන් කිරීමෙන් ඇති කල පාරවල ගොස් මන්මුලාවනු නිසැකය. අප වෙහෙසරකර ගමනකින් යුතුව ගල්මුල්ල ප්‍රධාන ගල්ගුහාවට ලඟාවීමු. එය පළලින් අඩි එකසිය පණහක් පමණ පලල්ය. බිමට ගල් පතුරු අල්ලා මනාව සකසා ඇත. ගුහා අභ්‍යන්තරය අඩි හැටක් පමණ පළල්ය. මෑත කාලයේ භික්ෂූන් වහන්සේ නමක් මෙම ගල්මුල්ල ප්‍රධාන ගල්ගුහාවේ වාසය කර ඇත. උන් වහන්සේට ඇතිවූ ගැටළුවක් නිසා උන්වහන්සේ මෙම ගල් ගුහාව අතහැර වෙනත් ස්ථානයකට වැඩම කර ඇත. උන් වහන්සේගේ දිවි පහසුව පිණිස පුංචි පුංචි නිර්මාණයන් තනාගෙන ඇත. මෙම ගල්ගුහාව උඩ කොටස් කටාරම් කොටා ඇත්තේ පුරාණයේ මෙම ගල්ලෙන භික්ෂු ආරණ්යයක්ව තිබෙන්නට ඇතැයි සැක සිතීමට කටයුතු යෙදෙමින. අතීත මානවයින්ගේ පවුල් කිහිපයක්ම මේ ගල්ලෙනේ වෙසෙන්නට ඇත.

මෙම ඇදුරාගල ප්‍රධාන ගල්ගුහාව ලෙසින් හදුන්වන ගල්ගුහාව අඩි 100ක් පමණ අභ්‍යන්තරය දිගය. අඩි පණහක් පමණ පළල්ය. අතීත ආදා මානවයින්ගේ පවුල් කිහිපයක්ම ගෝත්‍රවශයෙන් මෙහි රැදී සිටින්නට ඇත.මෙම ගල්ගුහාවට ඉහළන් කටාරම් කොටා ඇත්තේ කිසියම් වැදගත් උතුමෙක් මෙහි විසූ නිසා බව පැහැඳිළිය. ඒ බෝධි නම් ඇදුරා වන්නට ඇත. ගුහා අභ්‍යන්තරයේ උමන් මාර්ගයක් ඇත. වර්තමානයේ පස්වලින් ගොඩවී ඇති නිසා ගමන් කිරීම අපහසු නමුත් අප සගයින් එහි මද දුරක් බඩගා ගමන් කළේය. ගණ අදුර, පිරිසිදු වාතය හිගය, වවුල් වසුරුවල දුර්ගන්ධය නිසා වඩාත් අභයන්තරය ගවේශනය කිරීමට අවස්ථාවක් නොවීය. ඇතුම් නූගතුන් සිතනුයේ මෙවැනි ස්ථානවල නිදන් ඇති බවය. නමුත් මේවායේ ඇත්තේ පුරාවිද්‍යාත්මක අගයක් පමණි. අතීත මෙගලිතික යුගයේ මානවයින් පිළිබද පර්යේෂණ කිරීමට අනාගතයේ යම් දිනක මෙම ස්ථානය අමිල වූ වටිනා ස්ථානයක් වනු ඇත.

ගල්ගුහාවේ සිරි නැරඹු අප ගල්ගුහාවේ නැගෙනහිර බෑවුමේ පිහිටි තවත් කුඩා ගල්ගුහාවක් වෙත ගමන් කළෙමු. මෙහි අතීත මිනිසුන්ගේ ගල් මෙවලම් කිහිපයක් යැයි සැකකළ හැකි පාෂාන කැබලි අපට එහිදී දිස්විය. ඉන් ඉහළට ගමන් කළ යුතුව ඇත්තේ මිනිස් පහස එතරම් නොලබන වනගත කොටසටය. ඉංගිරිය නගරයේ ජනාකීර්ණ බව වැඩි වෙත්ම සතුන්ට වාසස්ථාන අහිමිවිය. ඒ බොහෝ සතුන් කොටුවී ඇති ක්ෂේම භූමියක් ලෙස මෙම ගල්මුල්ල වනය දැක්විය හැකිය. රත්නපාල මහතාට අනුව, වල්උරන්, හඳුන් දිවියන්, මීමින්නන්, ඉත්තෑවන්, හෝතඹුවන්, මුගටියන් සහ විවිධ කුරුළු වර්ග රැසක් මේ පෙදෙස සිය අභයභූමිය කරගෙන ඇත. ඉඳහිට පැමිනෙන දඩයක්කාරයෙක්ගෙන් හැරෙන්නට මෙම සතුන්ගේ දිවියට හිරිහැරයක් නොමැත.

ගල් මුල්ල ප්‍රධාන ගල්ගුහාවට ඉහලින් තවත් දිගැති ගල්ගුහාවක් විය. එය වෙත ගමක් කළ යුතු වූයේ වල් ඌරන් විසින් සකසන ලද අඩිපාරක ඔස්සේ කුදු ගැසී ගමන් කරමිණි. බට පදුරු අතරින් ඇතැම් තැන් වලිදී බඩගාමින් ගමන්කළ අපි වැඩි දෙනෙක්ගේ ඇස නොගැටෙන දිගැති ගල්ගුහාවක් වියත එය අවට කොස්ගස් කිහිපයක් හා කොහිල ගාලක් විය. අතීතයේදී මෙහි කිසිවෙක් හෝ වසය කරන්නට ඇතැයි සිතිය හැකි සාධක පැවතියේය.

මෙම වනගත පෙදෙස දකිනවිට අප හිත් පැවසුවේ මේ කුඩා නමුත් වටිනා පාරිසරික කලාප මතු පරපුර උදෙසා රක්ෂිතයක් යැයි ප්‍රකාශයට පත්ව ආරක්ෂා කරගත යුතුබවය.

සටහන හා ඡායාරූප – ජානක තරංග ආරියරත්න

Post Views: 2,697
  • Tweet

What you can read next

ඉංගිරිය ඔරලෝසු වල
පැල්පිටිගොඩ මිනිරන් පතල් ගවේශනය
ඌරුගල හොලොම්බුව

සොයන්න

කාණ්ඩ

  • Ingiriya History
  • Random

Recent Posts

  • ඌරුගල හොලොම්බුව

  • රයිගම් රාජධාණියේ ඉතිහාසය

  • පැල්පිටිගොඩ මිනිරන් පතල් ගවේශනය

  • ඉංගිරිය ඔරලෝසු වල

  • ඇදුරුගල ගල්ලෙන් ගවේෂණය

ෆේස්බුක් පිටුව

USEFUL LINKS

  • Ingiriya Information
  • Ingiriya News Bulletin
  • Ingiriya Photo Gallery
  • Ingiriya Wikipedia Page
  • Ingiriya Facebook Page
  • Ingiriya Facebook Group

LIKE INGIRIYA ON FACEBOOK

GET IN TOUCH

Email: admin@ingiriyacity.lk

www.ingiriyacity.lk
Ingiriya, Western Province, Sri Lanka

  • About Ingiriya
  • Special Places
  • About Us
  • Ingiriya Blog
  • Contact Us
  • GET SOCIAL

© 2010-2024. All Rights Reserved. Ingiriya.com.

TOP