×

HOW TO CONTRIBUTE

1 Arrange Your Information
2 Categorize as Article, Photo, News
3 Send it to Us

If you still have problems, please let us know, by sending an email to admin@ingiriyacity.lk. Thank you!

HOURS

Mon-Fri 9:00AM - 6:00PM

SIGN IN YOUR ACCOUNT TO HAVE ACCESS TO DIFFERENT FEATURES

FORGOT YOUR PASSWORD?

FORGOT YOUR DETAILS?

AAH, WAIT, I REMEMBER NOW!

Ingiriya City

Ingiriya City

Ingiriyacity.lk is the Official Website of Ingiriya City

Ingiriya Web
Ingiriya, 12440, Sri Lanka

Open in Google Maps
Ingiriyacity.lk=Ingiriya.com
  • About Ingiriya
  • Special Places
  • About Us
  • Ingiriya Blog
  • Contact Us
  • How to Contribute
  • Home
  • Overview
    • Overview
    • Introduction
    • History
    • Historical Stories
  • Geography
    • Physical Features
    • Land
    • Climate
    • Roads
    • Bus Routes
    • Drainage
    • Agriculture
    • Animal Husbandry
    • Environmental Problems
  • Beauty
    • Nachchimale
    • Pareithota
    • Madakada Aranya
    • Bodhinagala Aranya
    • Bodhinagala Bird Santuary
    • Hora Forest Reservation
    • Urugala Holombuwa
    • Kura Uda Waterfall
  • Admin
    • Administration
    • Divisional Secretariat
    • GN Divisions
    • Police Station
    • Religious Places
    • Telecommunication
    • Electricity
    • Industries
    • Banks
    • Organizations
  • Stats
    • General
    • Population
    • Nationalities
    • Religions
    • Age Group
    • Education Based
    • Family Income
    • Employment
    • Transportation
  • Art
    • Artists
    • Art Institutes
  • Health
    • Health
    • M.O.H
    • Medical Centers
    • Pharmacies
  • Education
    • Education
    • Schools
    • Pre Schools
    • Dhamma Schools
  • Home
  • Ingiriya Blog
  • Random
  • පැල්පිටිගොඩ මිනිරන් පතල් ගවේශනය
March 7, 2026

පැල්පිටිගොඩ මිනිරන් පතල් ගවේශනය

0
Monday, 29 July 2019 / Published in Random

පැල්පිටිගොඩ මිනිරන් පතල් ගවේශනය

අද අපි ඔබ සමග ගමන් කිරීමට සූදානම් වනුයේ ඔබ දන්නා නමුත් නොදන්නා ඉසව්වක් පිළිබඳවය. ඒ රයිගම් උඩුගහ පත්තුවේ, එනම් වත්මන් ඉංගිරිය ප්‍රාදේශිය ලේකම් බලප්‍රදේශයේ පවතින අතහැර දැමූ පැරණි පැල්පිටිගොඩ මිනිරන් පතල් සංකීර්ණය වෙතය. රත්නපුර පානදුර මාර්ගයේ ඉංගිරිය නගරයේ සිට හොරණ දෙසට ගමන්කරන විට පෝරුවදණ්ඩ හංදිය හමුවේ. ඉන් හැරී හඳපාන්ගොඩ දෙසට කිලෝමීටර එකහාමාරක් පමණ යන කළ කජුවැටිය හංදිය හමුවේ. එයින් හැරී කජුවැටිය පාර නොහොත් පැල්පිටිගොඩ ප්‍රධාන පාරේ කිලෝමීටරයක් පමණ එනවිට මාවක් ඔය පාලම හමුවේ. එතැන් පටන් ඇත්තේ පැල්පිටිගොඩ ග්‍රාමයයි. පැල්පිටිගොඩ යනු රයිගම් රාජධානියේ ඉතාම වැදගත් ආරක්ෂක කඩවතක් පැවති ස්වභාවික බලකොටුවකි. මෙහි දෙපසකින් මාවක් ඔයෙන්ද, එක්පසක් යටවතුර කලු ඇලෙන්ද, බටහිරෙන් රතබලා ඇලෙන් සීමා මායිම්වන අපූරු ස්වභාවික බලකොටුවකි. මෙහි රයිගම් හමුදාවේ හේවා කණ්ඩ නවතා පැවති බවත්, එම හේවා පවුල්වල තාවකාලික නිවාස එක ගොඩට පැවති නිසා පැල්පත් ගොඩ පැල්පිටිගොඩ නම් වී ඇත. 1515 පරංගීන් හෙළ දෙරණට පා තැබූ දිනයේ සිටම මෙරට ජනයාට සැනසීමක් නොවීය. විවිධ සටන් කරමින් සිය මව්බිම රැකගැනීමට සිදුවිය. රයිගම් බණ්ඩාර රජුගේ මරණයෙන් පසු රයිගමත් සීතාවක රාජසිංහ රජු යටතට පත්විය. වරක එල්ලවූ දරුණු පරංගි ආක්‍රමණයකින් පැල්පිටිගොඩ කඳවුර බිඳවැටිණ. මෙහිදී බොහෝ හේවායින් මිය ගිය අතර හේවා පවුල් අසරණ විය. පසුව පරංගින් පරදවා බලයට පත් ලංදේසීන් යටතේ ජනතාවට යම් සහනයක් ලැබුණත් ඔවුන්ව පරදවා පැමිණි ඉංග්‍රීසීන් විසින් මහජනතාවගේ ඉඩම් කොල්ලකා ද මැල් නම් සමාගමට පැල්පිටිගොඩ ඉඩම් ලබාදුන්නේය. ද මැල් සමාගම එවකට රට පුරාම මිනිරන් කර්මාන්තයේ ප්‍රමුඛයෝ වූහ. ඔවුන් පැල්පිටිගොඩ මිනිරන් ඇති බව දැන පතල කර්මාන්තය අරඹනු ලැබීය. මේවායේ සේවය කිරීමට හිමිදුම පංන්ගල නම් ග්‍රාමයේ සිටි මිනිරන් පතල් කරුවන් පැල්පිටිගොඩ පතල් කර්මාන්තය සඳහා ගෙන්වා ගත්තේය. එම පුරුෂයින් බොහොමයක් නැවත නොගිය අතර පැල්පිටිගොඩ කාන්තාවන් විවාහකරගෙන බින්නබැස්සේය.

නිදහසෙන් පසු මේ පතල් ජාලය දේශීය ව්‍යාපාරිකයන් අතට ලැබුණ අතර ප්‍රාග්ධන හිඟය, කළමණා කරන දුර්වලතා, පුහුණු ශ්‍රමික හිඟය වැනි හේතූන් මත මෙම පතල් පද්ධතියේ වැඩ නතර විය. ඒ මීට වසර පනහකට පමණ පෙරය. කාලයාගේ වැලිතලා වෙන් මතකය මැකී ගියද රයිගම් කෝරළයේ අසිරිය සොයා යන කේසර සගයින් මේ පතල් පද්ධතිය ගවේශනය කිරීම තීරණය කළේය.

මෙහිදී අපගේ මග පෙන්වන්නා වූයේ පැල්පිටිගොඩ අල්විස් කවියාය. එතුමා ගොවියෙක්, මේසන් කාර්මිකයෙක් මෙන්ම මිනිරන් පතල් වල පිහිටීම ගැනත් හසල දැනුමක් ඇත්තෙකි. මෙබඳු දන්නා කියන පුද්ගලයෙක්ගේ සහාය නොමැතිව මෙම පතල් ගවේශනය කිරීම නුසුදුසුය. අප චාරිකාව ඇරඹූවේ කජුවැටිය මාවක් ඔය පාලම අසලිනි. මාවක් ඔය දිගේ ඉහළට ගමන්කල අපි උඩුගහ පත්තුවේන් වැඩිම ජල ධාරිතාවයකින් කලුගඟ පෝෂණය කරන මාවක් ඔයේ අසිරි වින්දෙමු. තැන තැන රිසිසේ දිය කෙලින තරුණ පිරිස්ය. කොළඹ කර්කෂ පරිසරයෙන් මිදී ඔවුන් මාවක් ඔයේ දිය සිසිල විඳිති. අපි මාවක් ඔයෙන් මිදී ගොඩට පැමිණියේ පැල්පිටිගොඩ අරලිය උයන නම් මෑතකදී වෙන්දේසි කළ ඉඩම අසලිනි. මෙම වත්ත පිහිටියේ විසල් මිනිරන් පතලක් මතුපිටය. පතල් වලින් එළියට ගත් ඉල්ලම් පසින් මෙම වෙන්දේසි වත්ත පුරාවා ඇත. අප පා තබන මාර්ගයේ අඩියක් අඩියක් පාසා මිනිරන් පාරේ තැන තැන විසිර ඇත. මෙසේ මිනිරන් ගොන්නක් මත පා තැබීම අපට අරුමයක් නමුදු ප්‍රදේශසීන්ට එය ගානකට ගත යුතු අරුමයක් නොවීය.

අල්විස් මහතා මේ පාර ඔස්සේ අප රැගෙන ගියේ පතලේ ප්‍රධාන මුව දොර වෙතටය. එය අඩි 30ක් දිගට අඩි 20ක් පළලට අඟල් පහක පමණ කොන්ක්‍රීට් තට්ටුවක් දමා ආරක්ෂිතව වසා තිබුණේ කිසිවෙකුට ගමන් කිරීමට ඉඩක් නොතබමිනි. ප්‍රධාන දොර එසේ වසා පැවතියද, අල්විස් මහතා පර ගස් අතරින් වල්වැදී ඇති තවත් උමන් දොරක් මතුකර ගත්තේ අප විස්මයට පත් කරවිමිනි. ‘‘මේ දොරටුව ගැන ගමේ එවුන් වත් දන්නේ නැහැ. අල්විස් මහතා කීය. මිනිසෙකුට කොන්ද නමාගෙන තරමක් ඇතුළු විය හැනි ආකාරයේ විවරයක් වූ එහි අඩි 10කට පමණ ඇතුලට ගමන් කළහැකිය. ඉන් එහාට කිසිවෙකුටත් ගමන් කල නොහැකි ලෙස පස්වලින් වසා දමා ඇත.
මේ පතල් ජාලයේ දකුණු ප්‍රධාන දොරටු විවරය අසලින් ඉවත්වූ අප අනතුරුව වෙන්දේසි වත්ත දිගේ පුවක් වත්ත පෙදෙසට පැමිණියෙමු. එහි වම් පසින් පවතින හිස් ඉඩමක් වෙත ගිය අල්විස් මහතා අප වෙත පෙන්නුවේ ඒ පතල් ජාලයේ හුලං කවුලු ලෙස අභ්‍යන්තරයට කපන ලද කුඩා ලින්ය.

අනතුරුව අපි පිවිසියේ අල්විස් මහතාගේ නිවහනටය. අතීතයේ ඔහුගේ නිවස අසල පතල්පොලක් පැවත ඇත. එහි දඹර සවිකිරීමට සාදන ලද අට්ටාලයේ විසල් යකඩ ඇණ කිහිපයක් තවමත් ඉතිරිව ඇත. තැන තැන විසිරුණු මිනිරන් කුට්ටිය. අල්විස් මහතාගේ නිවසේ මදක් විවේක ගත් අප ඔහුගේ නිවසට එපිටින් පිහිටි කාගේත් අවධානය යොමු නොවන රබර් වත්තකට පිවිසියෙමු. අපිට අල්විස් මහතා උපදෙස් දුන්නේ ඔහු පා තබන පා සටහන් මතින්නම පේලියට පා තබමින් එන ලෙසය. නොඑසේනම් පතල් කැපූ තැන් වලට ඇති විවිද වලවල්වල හෝ එරෙන වැලි තලාවල එරී කරදර විය හැකි බැවිනි. අල්විස් මහතා අප රැගෙන ගියේ තවමත් හොඳ තත්වයේ පවතින එක් පතලක් පෙන්වීමටය. මෙහි බිත්තිවලට ගැසූ තේක්ක ලී අදටත් නිරුපද්‍රිතව පවතී. තනි කබොක් කුට්ටිය කපා ලිඳක් මෙන් පහලට කපා ඇති පතල තුළ දෝනා දෙපසට ඇත. අතීතයේ මෙරටට විදේශ විනිමය උපදවූ මේ මිනිරන් පතල් අද සංචාරකයින් වෙත පෙන්වීමේන් මුදල් උපයා ගැනීමටද බැරි නැත.

අනතුරුව අප ඒතරම්ම හොද තත්වයේ නොවූවත් තවත් පතල් දෙකක් අල්විස් මහතාගේ මග පෙන්වීම මත දැක ගත්තෙමු. අනතුරුව අප ගොඩපර යායක් මැදින් එක්වරම පිවිසියේ මනරම් විලක් බදු පෙදෙසකටය. මේ ස්ථානය ගැන විස්තර පැවසූ අල්විස් මහතා කියා සිටියේ මෙය පාතල් ජාලයේ උතුරු ප්‍රධාන පතල් විවරය බවය. අප පළමුව දුටු කොන්ක්‍රීට් දමා වසා ඇති පතල් විවරයට වඩා විසල් වන්නට ඇති මේ පතල් විවරය එසේ වසා දමා නොමැති බැවින් ජලය පිරී ඒ ආශ්‍රිතව පැවති පහත්බිම් වටා ජලය පිරී විලක් බදු අපූරු පරිසර කලාපයක් නිර්මාණය වී ඇත. ඒ අවට ඇති රූස්ස ගස්වල දිය කාවෙක් හා කොකෙක් ලැග සිටියේ දියෙහි කැලතෙන මසුන් ගොදුරු කර ගන්නා අටියෙනි. රවීන්ද්‍ර මහතාගේ වත්ත එක් පසකින් මායිම් වන මේ දිය තලාව වටා ගොස් රවීන්ද්‍ර මහාතාගේ නිවසට ගොඩවීමු. ඔහුගේ පියාණන්වූ රත්නපාල මහතා දැනුම් තේරුම් ඇත්තෙකි. එතුමා විසින් පතල් ආශිත කතාන්දර රැසක් අප හා පැවසූහ. පැල්පිටිගොඩ ගොවි සමිතියේ ලේකම් ඇල්. ආරියපාල මහතාද සිය මතකය අවදි කළේය. අතීතයේ මේ පතල් ජාලයේ සමරකොන් පතල නම් පතලක් විය. එහි සේවය කළ පිරිස්ට කිසියම් ශබ්ධයක් ගුමු ගුමු ඇසෙන්නට විය. කුතුහලය නිසා කලු ගල් තලාව සිදුරු කර බැලීමට ඕව්හු කටයුතු කළහ. හදිස්සියේම භූගත ගංගාවක විසල් ජල කඳක් ඔවුන් මත කඩාවැටී පතලේ සිටි සියල්ලෝම මරණයට පත්විය. මේ ජලකඳ මාපුටුගල පාසැල යටින් පැමිණෙන්නේ යැයි මතයක් අදටත් පැල්පිටිගොඩ වාසීන්ට ඇත. ඒ පිළිබද මතකය දිගහරින අල්විස් මහතා පැරණි ජන කවියක් සිහිපත් කළේය. හිමිදුම පනංගල සිට කුහුඹුන් ආය – කලුවන් කලු මිනිරන් ගොඩ ලෑය – කට්ට විදා මහ වතුරක් පීට වීය- අයියෝ දොළහක් එක තැන වල ලෑය.

අනතුරුව අප ඇල්. ආරියපාල මහතාගේ නිවස අසල පවතින රයිගම් රාජධානි සමයේ යකඩ නිස්සාරණය කළ ස්ථානයක් නැරඹීමට ගියෙමු. වර්තමානයේද එම යකඩ නිස්සාරණය කිරීමේදී ඉවත ලූ බොරය වූ යමද කැට දක්නට ලැබේ. මේ අති දුරලභ යමද කැබලි කිහිපයක් ඉංගිරිය මහජන පුස්තකාලයේ පිහිටි රයිගම්පුර ජන කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනයට තබා ඇත. අපට උපකාර කළ ගම්වාසීන් සියල්ලන්ටම නොසෑහෙන්න ස්තූති කළ අප පැල්පිටිගොඩ පැරණි මිනිරන් පතල් පිළිබඳ චාරිකාව නිම කළේ තවත් මෙලෙසම ඔබ දුටු නොදුටු අසිරිමත් ස්ථානයක් ගවේශනය කිරීමේ අදිටන සිත පෙරදැරිවය.

සටහන හා ඡායාරූප – ජානක තරංග ආරියරත්න

Post Views: 3,188
  • Tweet

What you can read next

ඌරුගල හොලොම්බුව
ඉංගිරිය ගල්මුල්ල ගල්ගුහා ගවේෂණය
ඉංගිරිය කොකිස් අච්චු පාලම

සොයන්න

කාණ්ඩ

  • Ingiriya History
  • Random

Recent Posts

  • ඌරුගල හොලොම්බුව

  • රයිගම් රාජධාණියේ ඉතිහාසය

  • ඉංගිරිය ගල්මුල්ල ගල්ගුහා ගවේෂණය

  • ඉංගිරිය ඔරලෝසු වල

  • ඇදුරුගල ගල්ලෙන් ගවේෂණය

ෆේස්බුක් පිටුව

USEFUL LINKS

  • Ingiriya Information
  • Ingiriya News Bulletin
  • Ingiriya Photo Gallery
  • Ingiriya Wikipedia Page
  • Ingiriya Facebook Page
  • Ingiriya Facebook Group

LIKE INGIRIYA ON FACEBOOK

GET IN TOUCH

Email: admin@ingiriyacity.lk

www.ingiriyacity.lk
Ingiriya, Western Province, Sri Lanka

  • About Ingiriya
  • Special Places
  • About Us
  • Ingiriya Blog
  • Contact Us
  • GET SOCIAL

© 2010-2024. All Rights Reserved. Ingiriya.com.

TOP