×

HOW TO CONTRIBUTE

1 Arrange Your Information
2 Categorize as Article, Photo, News
3 Send it to Us

If you still have problems, please let us know, by sending an email to admin@ingiriyacity.lk. Thank you!

HOURS

Mon-Fri 9:00AM - 6:00PM

SIGN IN YOUR ACCOUNT TO HAVE ACCESS TO DIFFERENT FEATURES

FORGOT YOUR PASSWORD?

FORGOT YOUR DETAILS?

AAH, WAIT, I REMEMBER NOW!

Ingiriya City

Ingiriya City

Ingiriyacity.lk is the Official Website of Ingiriya City

Ingiriya Web
Ingiriya, 12440, Sri Lanka

Open in Google Maps
Ingiriyacity.lk=Ingiriya.com
  • About Ingiriya
  • Special Places
  • About Us
  • Ingiriya Blog
  • Contact Us
  • How to Contribute
  • Home
  • Overview
    • Overview
    • Introduction
    • History
    • Historical Stories
  • Geography
    • Physical Features
    • Land
    • Climate
    • Roads
    • Bus Routes
    • Drainage
    • Agriculture
    • Animal Husbandry
    • Environmental Problems
  • Beauty
    • Nachchimale
    • Pareithota
    • Madakada Aranya
    • Bodhinagala Aranya
    • Bodhinagala Bird Santuary
    • Hora Forest Reservation
    • Urugala Holombuwa
    • Kura Uda Waterfall
  • Admin
    • Administration
    • Divisional Secretariat
    • GN Divisions
    • Police Station
    • Religious Places
    • Telecommunication
    • Electricity
    • Industries
    • Banks
    • Organizations
  • Stats
    • General
    • Population
    • Nationalities
    • Religions
    • Age Group
    • Education Based
    • Family Income
    • Employment
    • Transportation
  • Art
    • Artists
    • Art Institutes
  • Health
    • Health
    • M.O.H
    • Medical Centers
    • Pharmacies
  • Education
    • Education
    • Schools
    • Pre Schools
    • Dhamma Schools
  • Home
  • Ingiriya Blog
  • Ingiriya History
  • රයිගම් රාජධාණියේ ඉතිහාසය
March 7, 2026

රයිගම් රාජධාණියේ ඉතිහාසය

1
Thursday, 01 August 2019 / Published in Ingiriya History

රයිගම් රාජධාණියේ ඉතිහාසය

රයිගම හෙවත් රවිගම යන්න පරිණාමය වී රයිගම නිර්මාණය වී ඇතැයි මතයක් ඇත. රාජග්‍රම, රදළග්‍රාම නමින් හඳුන්වන්නේද මෙම නුවරය. රයිගම් කෝරළයට පත්තු හයක් අයත්ය. උඩුගහ පත්තුව, කුඹුක පත්තුව, අධිකාරී පත්තුව, තල්පිටි බද්ද පත්තුව, මුංවත්තේ බාගේ පත්තුව හා පානදුර තොටමුණ පත්තුව ලෙසින්ය.

රයිගම රාජධානිය රාජධනියක් ලෙසින් ඉස්මතුවන්නේ පළමු පරාක්‍රමබාහු රජ සමයේ ගිරි වංශාභජාත අලකේෂ්වර නම් නිලධාරියෙකු රයිගමට පත්කිරීමත් සමගය. හෙතෙම එවකට පැවති හිරඤ්ඤ මණ්ඩලය හා පානභුන්න දනව්වේ කොටසක් එක්කර රයිගම් කෝරළයද, පසුව රයිගම කේන්ද්‍රකරගත් බල ප්‍ශයක්ද ගොඩනංවයි.

රයිගම රාජධානියේ සීමා කළුතර, ගල්ල, මාතර යන වත්මන් දිස්ත්‍රික්ක දල වශයෙන් අයත් විය.

* රයිගම පාලකයින් *

  • දසවන අලකේෂ්වර – කැළණි විහාරයේ අනුග්‍රාහකයාය. ඉබංබතුතා මේ සමයේදී පැමිණේ.
  • එකොලොස්වන අලකේෂ්වර- පියාගේ ඇස් අන්ධ කර රජවේ.
  • දොලොස්වන අලකේෂ්වර – ප්‍රභූරාජ මහා අලකේෂ්වර මයුර සංදේශයේ ක්‍රි.ව 1344 දී කෝට්ටේ බලකොටුව සෑදීම පිළිබද වර්ණනාවට ලක්වේ.
  • දහතුන්වන අලකේෂ්වර – කුමාර අලකේෂ්වර ක්‍රි.ව 1386-1387 ප්‍රභූ රාජ මහා අලකේෂ්වරයන්ගේ පුතුය. වීර අලකේෂ්වර හා යුද්ධයකින් පසුව රෙමුණ පර්වතයෙන් පැන සියදිවි නසාගනී.
  • දාහතරවන අලකේෂ්වර (වීර අලකේෂ්වර) පළමුවර ක්‍රි.ව 1387- 1390- සොළී රාජ විහාරය ගොඩ නන්වයි. ගම්පල පස්වන බුවනකබාහු රජුගේ ආධාර ඇතිව පැමිණෙන වීරබාහුට පැරදී භාරතයට පලා යයි.
  • පහලොස්වන අලකේෂ්වර (දෙවන වීරබාහු) – ක්‍රි.ව 1390-1392 ගම්පල අගරජුවූ පස්වන බුවනකබාහුගේ මරණය නිසා ගම්පල රජකම භාර ගැනීමට යයි.
  • දහසයවන අලකේෂවර හා දාහත්වන අලකේෂ්වර (විජය ඈපා සහ තුන්යස) – ක්‍රි.ව 1392-1399 වීරබාහුගේ පුතුන්ය. රයිගම ඔහු වෙනුවෙන් ආණ්ඩු කරයි. මේ සමයේ ඉන්දියාවට පලාගිය වීර අලකේෂවර නැවත පැමිණ තුන්යස මරා නැවත රයිගම රජවේ.
  • දාහතරවන අලකේෂ්වර (වීර අලකේෂ්වර) දෙවනිවර ක්‍රිව 1399 -1411 හෙතෙම ක්‍රි.ව 1406 දී ගම්පල ජයගෙන දෙවන වීර බාහු හා විජය ඈපා මරාදමා අගනුවර රයිගමට රැගෙන ඒයි. මේ සමයේදී චිංහෝ නම් චීන සෙන්පතියාගේ ආක්‍රමණයක් හේතුකොට සිරකරුවෙක් ලෙස චීනයට රැගෙන යයි.
  • හයවන පරාක්‍රමබාහු -1411- 1414 වීදාගම මහා මෛත්‍රීය හිමියන්ගේ සහයෙන් බලයට පත්වේ. වසර තුනක් රජකම් කර ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ නගරයට අගනුවර මාරුකරයි.
  • නිත්තපුඩිත්ත පෙරුමාල් – හයවන පරාක්‍රමබාහු රජුගේ ඇමතියෙක් රයිගම රාජධනිය රජු වෙනුවෙන් පාලනය කළේය.
  • සිංහල සංගේ – රයිගමින් ඇරඹ සිංහල ජාතිකත්වය ආරක්ෂාකරගනු වස් පැන නැගි අරගලයකි.
  • පංචායුධ විජයබාහු – නවවන පරාක්‍රමබාහු රජ වෙනුවෙන් රයිගම පෙදෙස් පාලනය කළේය. පසුව හත්වන විජයබාහු නමින් කෝට්ටේ රජ විය.
  • රයිගම් බණ්ඩාර (පර රාජසිංහ) – 1521-1539 විජයබාහු රජුගේ පුතුන් තිදෙනා කැරලි ගසා පියරජු මරවා රාජ්‍ය කොටස් තුනකට බෙදා පාලනය කළේය. ඉන් රයිගම රාජධානිය හිමිවූයේ රයිගම් බණ්ඩාරයන්ටය.
  • මායාදුන්නේ හා පළමු රාජසිංහ – රයිගම් බණ්ඩායින්ගෙන් පසු රයිගම සිතාවක රාජධානියේ කොටසක් විය. සීතාවක රාජධානියේ බිඳවැටීමෙන් පසු පරංගි රයිගම නිර්දය ලෙස කොල්ලකා විනාස කළේය.

සටහන හා ඡායාරූප – ජානක තරංග ආරියරත්න

Post Views: 3,491
  • Tweet

What you can read next

ඉංගිරිය ජනඝෝෂා නඩුව 1993
රයිගම් උඩුගහ පත්තුව
ඉංගිරියේ කළු අප්පු 1812

සොයන්න

කාණ්ඩ

  • Ingiriya History
  • Random

Recent Posts

  • ඌරුගල හොලොම්බුව

  • පැල්පිටිගොඩ මිනිරන් පතල් ගවේශනය

  • ඉංගිරිය ගල්මුල්ල ගල්ගුහා ගවේෂණය

  • ඉංගිරිය ඔරලෝසු වල

  • ඇදුරුගල ගල්ලෙන් ගවේෂණය

ෆේස්බුක් පිටුව

USEFUL LINKS

  • Ingiriya Information
  • Ingiriya News Bulletin
  • Ingiriya Photo Gallery
  • Ingiriya Wikipedia Page
  • Ingiriya Facebook Page
  • Ingiriya Facebook Group

LIKE INGIRIYA ON FACEBOOK

GET IN TOUCH

Email: admin@ingiriyacity.lk

www.ingiriyacity.lk
Ingiriya, Western Province, Sri Lanka

  • About Ingiriya
  • Special Places
  • About Us
  • Ingiriya Blog
  • Contact Us
  • GET SOCIAL

© 2010-2024. All Rights Reserved. Ingiriya.com.

TOP