×

HOW TO CONTRIBUTE

1 Arrange Your Information
2 Categorize as Article, Photo, News
3 Send it to Us

If you still have problems, please let us know, by sending an email to admin@ingiriyacity.lk. Thank you!

HOURS

Mon-Fri 9:00AM - 6:00PM

SIGN IN YOUR ACCOUNT TO HAVE ACCESS TO DIFFERENT FEATURES

FORGOT YOUR PASSWORD?

FORGOT YOUR DETAILS?

AAH, WAIT, I REMEMBER NOW!

Ingiriya City

Ingiriya City

Ingiriyacity.lk is the Official Website of Ingiriya City

Ingiriya Web
Ingiriya, 12440, Sri Lanka

Open in Google Maps
Ingiriyacity.lk=Ingiriya.com
  • About Ingiriya
  • Special Places
  • About Us
  • Ingiriya Blog
  • Contact Us
  • How to Contribute
  • Home
  • Overview
    • Overview
    • Introduction
    • History
    • Historical Stories
  • Geography
    • Physical Features
    • Land
    • Climate
    • Roads
    • Bus Routes
    • Drainage
    • Agriculture
    • Animal Husbandry
    • Environmental Problems
  • Beauty
    • Nachchimale
    • Pareithota
    • Madakada Aranya
    • Bodhinagala Aranya
    • Bodhinagala Bird Santuary
    • Hora Forest Reservation
    • Urugala Holombuwa
    • Kura Uda Waterfall
  • Admin
    • Administration
    • Divisional Secretariat
    • GN Divisions
    • Police Station
    • Religious Places
    • Telecommunication
    • Electricity
    • Industries
    • Banks
    • Organizations
  • Stats
    • General
    • Population
    • Nationalities
    • Religions
    • Age Group
    • Education Based
    • Family Income
    • Employment
    • Transportation
  • Art
    • Artists
    • Art Institutes
  • Health
    • Health
    • M.O.H
    • Medical Centers
    • Pharmacies
  • Education
    • Education
    • Schools
    • Pre Schools
    • Dhamma Schools
  • Home
  • Ingiriya Blog
  • Ingiriya History
  • ඉංගිරිය ජනඝෝෂා නඩුව 1993
March 7, 2026

ඉංගිරිය ජනඝෝෂා නඩුව 1993

3
Saturday, 06 July 2019 / Published in Ingiriya History

ඉංගිරිය ජනඝෝෂා නඩුව 1993

ඉංගිරිය නාමය ඉතිහාසයේදී ශ්‍රී ලංකා නීති පොතට ඇතුලත්වූ සිද්ධියකි භාෂණ ප්‍රකාශන නිදහස හා ජනඝෝශා නඩුව. මෙය අමරතුංග එරෙහිව සිරිමල් සහ තවත් අය ජනඝෝශා නඩුවයි. නීතිය ඉගැන්වීමේදී හා මූලික අයිතිවාසිකම් නඩුවලදී මෙම නඩුව අදටත් මූලාශයක් ලෙස භාවිතා වේ. ශ්‍රී ලංකා නීති වාර්තා 1993 Vol 264 හි දැක්වේ. මුලික අයිතිවාසිකම් නඩුවකි. ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 14 (1) (අ ) වගන්තිය මගින් සහතික කර ඇති භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස පිලිබදව – ආණ්ඩුව විවේචනය කිරීම මේ මගින් සාකච්ඡා වේ.

මානවයෙකු ලෙස උපත ලද සියල්ලන්ටම හිමි විය යුතු අයිතිවාසිකම් මුලික අයිතිවාසිකම් ලෙස හැඳින්වේ. නිදහසේ ජීවත්වීමේ අයිතිය එහා මෙහා යාමේ අයිතිය මෙන් භාෂණයේ හා ප‍්‍රකාශණයේ නිදහස තහවුරු කර ඇත. ලේඛනයෙන් හා භාෂණයෙන් අදහස් පළ කිරීමේ අයිතිය සැමට පවතී. අදහස් පලකිරීමේ අයිතිය දැක්වෙන ජාත්‍යන්තර ප‍්‍රකෘශන ප‍්‍රධාන වශයෙන් 04 පවතී.

1. මානව හිමිකම් පිළිබද විශ්ව ප‍්‍රකාශනය
2. සිවිල් හා දේශපාලන හිමිකම් පිළිබද එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තිය
3. ආර්ථික සමාජ හා සංස්කෘතික අයිතිවාසිකම් පිලිබද ජාත්‍යන්තර සම්මුතිය
4. මානව හිමිකම් පිළිබද යුරෝපා සම්මුතිය

මීට අමතරව ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදි ජනරජයේ 1978 ආණ්ඩුක‍්‍රම වයවස්ථාවේ (14) (අ )ව්‍යවස්ථාවෙහි පැහැදිලිව දක්වා ඇත. ආණ්ඩුව හා දේශපාලන පක්‍ෂ ප‍්‍රතිපත්ති සහ වැඩසටහන් විවේචනය කිරීමට ඇති අයිතිය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජීවන රටාව ඇති මූලික නිදහස හා යුක්තියේ මූලික මූලධර්ම උල්ලංගනය නොකරන ලෙස කතා කිරීම හා ප‍්‍රකාශනය නිදහස එක සමාන වේ. මෙම භාෂණයේ ප‍්‍රකාශනයේ නිදහස සම්බන්ධය ගන්නා නඩු තීන්දු බොහෝමයක් පවතී. ඉන් ප‍්‍රධාන අවස්ථාවක් ගන්නා නඩු තීන්දුවක් වශයෙන් අමරතුංග එරෙහි සිරිමල් නඩුව දැක්විය හැකිය. මෙය ශ්‍රේෂ්ඨාධීකරනයේ 468 /92 ලෙස දැක්වේ. ජනඝෝශා නඩුව නමින් හදුන්වන මෙය 1993 දී විභාගයට ගන්නා ලදී. විපක්‍ෂ 1992 ජූලි මස 1 දින ජන ඝෝෂා ව්‍යාපාරයක් සංවිධානය කරන ලදී. කවර හෝ ස්ථානයක සිටියද එදින 12 ට කුමන හෝ විශාල ශබ්දයක් කිරීමෙන් රජයට විරෝධය ප‍්‍රකාශ කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින ලදී. විරෝධය දැක්වීමේදී තමාගේ සහභාගීත්වයට පොලීසිය විසින් නොයෙක් ආකාරයේ බාධා පමුණුවන ලද හොරණ ප‍්‍රාදේශිය සභාවේ මන්ත‍්‍රීවරයෙක් වන දයාසේන අමරතුංග බලයේ සිටින රජය විවේචනය කිරීමට තමාට ඇති මූලික අයිතිවාසිකම් උල්ලංගනය කරනු ලැබීයැයි ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කලේ ය. මෙම නඩුවේ විශේෂත්වය වන්නේ අනාගතයේදි ඒ හා සමාන උල්ලංගනය කිරීම් සිදු නොවන පරිදි අදහස් පළ කිරීමේ නිදහස පිළිබද අධිකරණය සහතික කරන ලදී.

ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව 14 (1) (අ) ව්‍යවස්ථාව “සෑම පුරවැසියෙකුටම භාෂණයේ නිදහසට හා ප‍්‍රකාශනය ඇතුළු අදහස් පල කිරීමේ නිදහසට හිමිකම් ඇත්තේ ය.”

මානව හිමිකම් විශ්ව ප‍්‍රකාශනය
19 වැනි වගන්තිය
“අදහස් දැරීම හා ප‍්‍රකාශනය පිළිබද නිදහසේ අයිතිය හැම දෙනාම සතු වීම බාධාවකින් තොරව අදහස් දැරීමේද එසේම දේශසීමා නොසලකා ඔිනෑම මාධ්‍යයක් ඔස්සේ තොරතුරු සෙවීමේ ලැබීමේ හා බෙදා හැරීමේ අයිතිය”

– නඩුව –
අමරතුංග එරෙහිව සිරිමල් සහ තවත් අය
(ජන ඝෝෂා සිද්ධිය)

– පෙත්සම් කරු –
නඩු අංකය – ශ‍්‍රි ලංකා ශේෂ්ඨාධිකරණය 468/92
ශ‍්‍රී ලංකා නීතී වාර්තා 1993 Vol 264 හි දැක්වේ

– පසුබිම් වූ හේතුව –
රජයේ ප‍්‍රතිපත්ති ක‍්‍රියාවන්ට අදාල කරුණු ගණනාවක් සම්බන්ධයෙන් ජනතාවගේ විරෝධය දැක්වීම ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළු තවත් පක්‍ෂ කිහිපයක්ම විසින් තීරනය දරන ලදුව ඔවුන්ගේ චර්යාවන් මිනිත්තු 15 ක කාලයක් තුලදී ජන ඝෝෂාවක් මගින් ප්‍රකාශයට පත් පාර්ශව තීරණය දරන ලදී. සීනු නාද කිරීම, රථවාහන නලා ශබ්ද කිරීම, බෙර ගැසිම, සාස්පාන් ආදී උපකරණ වලට ගැසීමෙන් ශබ්ද සිදු කිරීම මේ ආදී වශයෙන් වශයෙන් විශාල ඝෝෂාවක් ඇතිකර ජනතාව අවදි කිරීම මෙහි අරමුණ විය. මෙම පෙත්සම ඉදිරිපත් කල පුද්ගලයා වූ දයාසේන අමරතුංග ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සාමාජිකයෙකු වන අතර හොරණ ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රිවරයෙකු වශයෙන් ඊට සහභාගි විය. පෙත්සම්කරු විරෝධය පලකරමින් සිටිනුයේ බෙරයක් ගැසීමෙනි. එය නතර කරන ලෙස පොලීසිය දුන් අණ නොතක දිගටම බෙරය වාදනය කරන්නට විය. ඔහුට පහරදී පොලීසිය විසින් මෝල්ගසකින් ගසා බෙරය කඩා දැමීමක් සිදුකරන ලදී. එයද නොතකා අත් පුඩි ගැසීම මගින් සම්බන්ධ විය. එවිට පොලීසිය විසින් ඔහුට පහර ගසන ලදී. විරෝධතාකරුවන් විසින් රජයට එරෙහිව සටන් පාඨ කියමින් ඇතුළු වීමට නොදී පිටවීම වළක්වන මුර බල්ලන් ලෙස සැදී මාර්ගය හරස් කර සිටියේ පොලීසිය විසිනි. තමන්ගේ භාෂණ ප‍්‍රකාශනයේ අදහස් පළ කිරීමේ නිදහසට බාධා පැමිණ වීය 14 (1) (අ) ව්‍යවස්ථාව යටතේ රජයට එරෙහිව නඩුවක් ගොනු කරන ලදී.

මෙසේ සිදු කිරීමට තීරණ කරන ලද්දේ,
සාමය ප‍්‍රචණ්ඩත්වය සිදුවේයැයි බලාපොරොත්තු වීමට පොලීසියට හේතුවක් නොතිබුණි. පොලීසිය විසින් ක‍්‍රියාකරන ලද්දේ රජයට එරෙහිව සටන් පාඨ සපයමින් ඝෝෂා කිරීම, පෙත්සම්කරු සතු කතාකිරීමේ සහ අදහස් පල කිරීමේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති වීම. රජයට සහයෝගය දැක්වීම හෝ රජය එන දේශපාලන පසු ප‍්‍රතිපත්ති රජයේ වැඩ පිළිවෙලට විවේචනය කිරීම සදහා ඇති අයිතිය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඡීවන ක‍්‍රියාවන් මූලික අයිතිවාසිකම් වේ. සෑම සිවිල් සහ දේශපාලන ආයතනයකම මූලික පදනම වන්නා වූ නිදහස සහ යුක්තිය පිළිබද මූලධර්මයන් උල්ලංගනය කරමින් තොරව එහි එම අයිතීන් අහිමිකිරීමට නොහැකි වීම රජය සහ දේශපාලන පක්‍ෂ ප‍්‍රතිපත්ති විවේචනය කිරීම 14 (1) (අ) වගන්තිය යටතේ කථනය හා ප‍්‍රකාශ කිරීමේ නිදහස ක‍්‍රියාත්මක කිරීමක් වීම.

– තීන්දුව –
1993-මාර්තු-8
විනිසුරු ප‍්‍රනාන්දු මැතිතුමා
ධරාගත නොහැකි අධික ජීවන වියදම රාජ්‍ය ව්‍යවසායකයන් පෞද්ගලීකරණය ඒ අනුව සිදුවන ක‍්‍රියා අහිමිවීම සහ රැකියා කප්පාදුව දේශපාලන කරුණු අරභයා නාස්තිකාර වියදම් ඳුෂණය ජනතා යහපත සඳහා හේතුවන්නා වූ පොදු වැදගත් කමකින් යුත් කරුණු සම්බන්ධයෙන් රජයට කෙරෙන සාකච්චා යටත් කිරීම්, පිරිවැය ඉහල යෑම්, පැහැර ගැනිම්, මනුෂයය ඝාතන යන උතුරු නැගෙනහිර යුද්ධය යනාදී කරුණු රාශියක් සම්බන්ධයෙන් රජයට විරෝධය දැක්වීමේ ක‍්‍රියාමාර්ගයන් වලට අවතීර්ණ වීම සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළු දේශපාලන පක්‍ෂ ගණනාවක්ම මෙම ඝෝෂාවට එක් වීම.

– ශේෂ්ඨාධිකරණ තීන්දුව –
14 (1) (අ) වගන්තියෙන් ජනතාවට හිමි මූලික අයිතිවාසිකම් කඩ වී ඇති වී ඇති බව තීරණය වේ. රජයට දේශපාලන පක්‍ෂ වලට ඒවායේ තීරණ වලට ක‍්‍රියාමාර්ගවලට සහයෝගය දැක්වීම හෝ විවේචනය කිරීමට ඇති අයිතිය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජීවන ක්‍රමයක මූලික ලක්‍ෂණයකි. සිවිල් සමාජයේ සහ ආයතන වල පදනම වී ඇති නිදහස සහ යුක්තිය පිළිබද මූලධර්ම කඩකිරීමකින් තොරව එම අයිතීන් අහිමි කිරීමට නොහැකිය. මෙම විරෝධතා ව්‍යාපාරය පිළිබදව කල් තබා ප්‍රචාරය කරනු ලැබ තිබූ අතර පොලීසියට ඒ ගැන තොරතුරු ලැබී තිබුණි. රජයට විරුද්ධව කැරලි ගැසීමට මිනිසුන් පෙළඹවීම සඳහා වැඩ පිළිවෙලක් පිළිබදව තොරතුරු ලැබී තිබුණු බවට දෙවැනි වගඋත්තරකරු විසින් කරන ලද ප්‍රකාශන පිළිගත නොහැක. මක් නිසාද යත් ඒ සම්බන්ධයෙන් සියළු වාර්තාවන් ඉදිරිපත් නොකළ බැවිනි. ඇත්ත වශයෙන් කැරැල්ලක් හෝ ප්‍රචණ්ඩත්වයක් බලාපොරොත්තුව සිට නැත. රජයට රෙහිව සටන්පාඨ සපයමින් ඝෝෂා කරද්දී ප‍්‍රහාර දියත් කර ඇත. එසේ වුවත් පොලිස් ආඥා පනතේ 78(1) වගන්තියේ ක‍්‍රියා කිරීමට අවශ්‍යතාවක් නොවී ය. එබැවින් වගඋත්තරකරුවන් එම ක‍්‍රියාව සඳහා පෙළඹීමකින් හිතමතාම පෙත්සම්කරුගේ කථනය, අදහස් ප‍්‍රශකිරීමේ අයිතියට එරෙහිව සිදු කරන ලද මූලික අයිතිවාසිකම් කඩකිරීමක් බවට තීරණය කරන ලදී. එම නිසා පෙත්සම් කරුගේ අදහස් පල කිරීමේ නිදහස උල්ලංගනය කිරීමේ වරදට රු. 50,000 දඩ මුදලක් රජය විසින් ගෙවිය යුතු බවටද තීරණය කරන ලදී.
මෙම නඩු වාරයේදී සිදු වූ විශේෂ වැදගත් සිදුවීම ලෙස අනාගතයේදී ඒ හා සමාන උල්ලංගනය කිරීම් සිදු නොවන පරිදි මෙම තීන්දුව සියළුම පොලිස් නිලධාරීන්ගේ දැන ගැනීම සදහා යොමු කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිට උපදෙස් දීමක් සිදු විය.

  • ඡායාරූපය – මධූ (පාදුක්ක පාර බස් නැවතුම්පල ඉදිරිපිට -1992)
  • උපුටාගැනීම – සිත් අරණ
  • නඩු වාර්තාව බාගත කරගන්න
Post Views: 2,918
  • Tweet

What you can read next

ඉංගිරියේ කළු අප්පු 1812
රයිගම් උඩුගහ පත්තුව
රයිගම් රාජධාණියේ ඉතිහාසය

සොයන්න

කාණ්ඩ

  • Ingiriya History
  • Random

Recent Posts

  • ඌරුගල හොලොම්බුව

  • රයිගම් රාජධාණියේ ඉතිහාසය

  • පැල්පිටිගොඩ මිනිරන් පතල් ගවේශනය

  • ඉංගිරිය ගල්මුල්ල ගල්ගුහා ගවේෂණය

  • ඉංගිරිය ඔරලෝසු වල

ෆේස්බුක් පිටුව

USEFUL LINKS

  • Ingiriya Information
  • Ingiriya News Bulletin
  • Ingiriya Photo Gallery
  • Ingiriya Wikipedia Page
  • Ingiriya Facebook Page
  • Ingiriya Facebook Group

LIKE INGIRIYA ON FACEBOOK

GET IN TOUCH

Email: admin@ingiriyacity.lk

www.ingiriyacity.lk
Ingiriya, Western Province, Sri Lanka

  • About Ingiriya
  • Special Places
  • About Us
  • Ingiriya Blog
  • Contact Us
  • GET SOCIAL

© 2010-2024. All Rights Reserved. Ingiriya.com.

TOP