×

HOW TO CONTRIBUTE

1 Arrange Your Information
2 Categorize as Article, Photo, News
3 Send it to Us

If you still have problems, please let us know, by sending an email to admin@ingiriyacity.lk. Thank you!

HOURS

Mon-Fri 9:00AM - 6:00PM

SIGN IN YOUR ACCOUNT TO HAVE ACCESS TO DIFFERENT FEATURES

FORGOT YOUR PASSWORD?

FORGOT YOUR DETAILS?

AAH, WAIT, I REMEMBER NOW!

Ingiriya City

Ingiriya City

Ingiriyacity.lk is the Official Website of Ingiriya City

Ingiriya Web
Ingiriya, 12440, Sri Lanka

Open in Google Maps
Ingiriyacity.lk=Ingiriya.com
  • About Ingiriya
  • Special Places
  • About Us
  • Ingiriya Blog
  • Contact Us
  • How to Contribute
  • Home
  • Overview
    • Overview
    • Introduction
    • History
    • Historical Stories
  • Geography
    • Physical Features
    • Land
    • Climate
    • Roads
    • Bus Routes
    • Drainage
    • Agriculture
    • Animal Husbandry
    • Environmental Problems
  • Beauty
    • Nachchimale
    • Pareithota
    • Madakada Aranya
    • Bodhinagala Aranya
    • Bodhinagala Bird Santuary
    • Hora Forest Reservation
    • Urugala Holombuwa
    • Kura Uda Waterfall
  • Admin
    • Administration
    • Divisional Secretariat
    • GN Divisions
    • Police Station
    • Religious Places
    • Telecommunication
    • Electricity
    • Industries
    • Banks
    • Organizations
  • Stats
    • General
    • Population
    • Nationalities
    • Religions
    • Age Group
    • Education Based
    • Family Income
    • Employment
    • Transportation
  • Art
    • Artists
    • Art Institutes
  • Health
    • Health
    • M.O.H
    • Medical Centers
    • Pharmacies
  • Education
    • Education
    • Schools
    • Pre Schools
    • Dhamma Schools
  • Home
  • Ingiriya Blog
  • Random
  • ඉංගිරිය ඔරලෝසු වල
March 7, 2026

ඉංගිරිය ඔරලෝසු වල

1
Sunday, 07 July 2019 / Published in Random

ඉංගිරිය ඔරලෝසු වල

කලුතර දිස්ත්‍රික්කයේ, ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිමලගම ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ ඔරලෝසු තටාකය පිහිටා ඇත. ඉංගිරිය නගරයේ සිට කිලෝමීටරයක් පමණ හොරණ දෙසට පැමිණෙද්දී, රිනවුන් ගරාජය ඉදිරිපිට ඉසුරු පුර පාරේ කිලෝමීටර බාගයක් පමණ ගමන් කිරීමේදී, බුදු පිළිමයක් හමුවේ. ඒ අසලින් වම් පසට හැරී මීටර් සීයක් පමණ ගමන් කරන විට මෙම ඔරලෝසු තටාකය හමුවේ.

2015ට පෙර ඉංගිරිය ඔරලෝසු වල නමින් කාගේත් අවදානයට ලක් නොවී කැලෑවට ගිහිල්ලා තිබ්බ තැනක් තමයි ඔරලෝසු වල. ප්‍රදේශවාදීන් මෙයින් දිය නෑවද ඔවුන් මෙහි ඓතිහාසික වටිනාකම දැන සිටියේ නැත. බොහෝ විට මේ අවට නිවාස යෝජනා ක්‍රම වලට පැමින සිටියේ බොහෝවිට වෙනත් ප්‍රදේශවලින් පැමිනි පුද්ගලයන්ය. ඔවුන් මෙහි අගයවත් ඉතිහාසයවත් දැන සිටියේ නැත. කාලයාගේ වැලිතලාවෙන් වැසී පැවති මෙම ස්ථානයේ පුරාණය දත් තැනැත්තෙකි නිමළගම රත්නපාල මාමා. රත්නපාල මාමා දක්වන පරිදි මෙය අතීතයේ මෙම පෙදෙස අයත්ව පැවතියේ ඉංගිරිය වත්තටය. ඉංගිරිය වත්ත අයිතිය පැවති සොයිසා නම් වතුහිමියා විසින් මෙය කරවන්නට මීට වසර සීයකට පමණ පෙර අරුනෝලිස් නම් කන්කානමට පැවරීය. එම කන්කානම විසින් පානදුර පෙදෙසේ දක්ෂ සාම්ප්‍රධායික ගල්වඩුවන් ගෙන්වා පවතින ඇළක ස්වභාවික පිහිටීම උපයෝගී කර ගනිමින් මෙම දිය තටාකය එකිනෙකට යා කළ රටාවකට සකසා ගත් කලුගල් කුට්ටි වලින් සාදනු ලැබීය. මෙම නාන තාටාකයේ හැඩය කෙසේ විය යුතු දැයි කන්කානම විසින් අසද්දී සොයිසා මහතාට මතක් වූයේ ගෙදර බිත්තියේ පැවති බට්ටා ඔරලෝසුවය. ඒ අනුව පැරණි බට්ටා ඔරලෝසුවක හැඩයට මෙය තනනු ලැබීය. මෙහි බිමට ගල් පතුරු අල්ලා මනාව සකසා ඇත. මෙහි ඔරලෝසුවේ මුහුණත කොටසේ අග පවතින්නාවූ කට්ටා කැපූ දොරටුව ලෑලි දමා තටාකය භාවිතා කරන්නට අවැසි වූ විට වසා දමයි. එවිට ජලය පිරේ. ඔරලෝසුවේ මුහුණත කොටසේ පීන පීන නෑමටත් ඔරලෝසු වල බඳු කොටසේ ගිලී නෑමටත් හැකිය. මුහුණත කොටසේ ගැඹුර අඩි දෙකහාමාරක් පමණ වන අතර වල කොටස අඩි හතක් පමණ ගැඔුරුය. අතීතයේ වතුහිමි සොයිසා මහතා හා නෑදෑ හිත මිතුරන් මෙහි ජලය ස්නානය කරමින් සුව විඳ ඇත. පසු කාලයේ වැලි, පස් ගොඩවී නිසි නඩත්තුවක් නොවූ නිසා වසර හැත්තෑවක් පමණ පර ආදී අකුල් වලින් වැසී ගොස් තිබිණ. මේහි පෙනෙන්නට පැවතියේ බට්ටා ඔරලෝසුවේ වල බදු කොටස පමණක් බැවින් ගැමියන් මෙය ඔරලෝසු වල නමින් හැඳින්විය.

මෙහිදී මා හට සිත් පහළ වූ‍යේ අතීත උරුමය නැවත පාදාගෙන පෙර පැවති තත්වය වත්මන් පරපුරට දැක ගැනීමට ඉඩපහසුකම් සැළසිය යුතු බවය. ‍මේ පිළිබදව ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් තුමිය සමග කරන ලද සාකච්ඡාවකින් පසු නව වැඩසටහනක් ඇරඹිණි. 2015 අගොස්තු මස එවකට ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් චම්පා උපසේන මහත්මියගේ පූර්ණ අධීක්ෂණයෙන්, ප්‍රජා සේවට නියමවූවන්ගේ හා කේසර මිතුරු හවුලේ මෙහෙයවීමෙන් පැරණි ඔරලෝසු තටාකය පාදා ගැනීමේ මෙහෙයුම ඇරඹිණ.

එවකට හොරණ ප්‍රාදේශීය සභාවේ සභාපති යාමිත් චන්දන හතුරුසිංහ මහතා, මංගල පස්පිඩැල්ල කැපූ අතර මෙහි තාච්චිය අල්ලාගෙන සිටිනුයේ නිමළගම ගොවි සමිතියේ ලේකම් රත්නපාල මමාය. එවකට ප්‍රජා විෂෝධන නිලධාරීතුමා, සමෟද්ධි නිලධාරී තුමා, බෞද්ධ කටයුතු නිලධාරී කැලුම් මහතා, සංවර්ධන නිලධාරිතුමිය ඡායාරූප වල දිස්වේ. මෙයින් පසු ගම්වාසීන් හා එක්ව ශ්‍රමදාන මාලාවක් පැවැත්විණ. මේ සියල්ලේ අවසාන ප්‍රතිඵළය ලෙස ඓතිහාසික ඔරලෝසු තටාකය වැසී පැවති කැලෑව එළිවී, පස් තට්ටු හා වැලි තට්ටු ඉවත් වී මතුපරපුරට දැක ගත හැකි ආකාරයට පත්විය.

සටහන – ජානක තරංග ආරියරත්න
ඡායාරූප – ජානක තරංග, වසන්ත කුමාර

  • 2015ට පෙර
  • තරංග ජානක
  • පිරිසිදු කළ පසු වතුර පිරෙමින්
  • නව නාම පුවරුව
2015ට පෙර පැවති අයුරු
දැන් තත්වය
Post Views: 5,446
  • Tweet

What you can read next

ඇදුරුගල ගල්ලෙන් ගවේෂණය
පැල්පිටිගොඩ මිනිරන් පතල් ගවේශනය
ඌරුගල හොලොම්බුව

සොයන්න

කාණ්ඩ

  • Ingiriya History
  • Random

Recent Posts

  • ඌරුගල හොලොම්බුව

  • රයිගම් රාජධාණියේ ඉතිහාසය

  • පැල්පිටිගොඩ මිනිරන් පතල් ගවේශනය

  • ඉංගිරිය ගල්මුල්ල ගල්ගුහා ගවේෂණය

  • ඇදුරුගල ගල්ලෙන් ගවේෂණය

ෆේස්බුක් පිටුව

USEFUL LINKS

  • Ingiriya Information
  • Ingiriya News Bulletin
  • Ingiriya Photo Gallery
  • Ingiriya Wikipedia Page
  • Ingiriya Facebook Page
  • Ingiriya Facebook Group

LIKE INGIRIYA ON FACEBOOK

GET IN TOUCH

Email: admin@ingiriyacity.lk

www.ingiriyacity.lk
Ingiriya, Western Province, Sri Lanka

  • About Ingiriya
  • Special Places
  • About Us
  • Ingiriya Blog
  • Contact Us
  • GET SOCIAL

© 2010-2024. All Rights Reserved. Ingiriya.com.

TOP