ඉංගිරිය නගරය A8 රත්නපුර - පානදුර මාර්ගය ඔස්සේ පිහිටා ඇත. මෙම මාර්ගයට පාදුක්ක - ඉංගිරිය මාර්ගය, ඉංගිරිය මංසංධියේදී එකතුවේ. තවද බුලත්සිංහල - හොරණ මාර්ගයේ පිහිටා ඇති ඈගල්ඔය නගරයේ සිට ඉංගිරිය දක්වා දිවෙන අප්‍රසිද්ධ මාර්ගයක්ද ඇත. ඉංගිරියට ලඟාවීමට ක්‍රම 3කි. ඒවානම්, රත්නපුර - පානදුර මාර්ගය, හංවැල්ලෙන් සහ පාදුක්කෙන් ආරම්භවන ඉංගිරිය මාර්ගය සහ ඈගල්ඔයෙන් ආරම්භවන ඉංගිරිය මාර්ගයි.
ඉංගිරිය නගරයේ බස් නැවතුම්පොලවල් දෙකක් ඇත. රත්නපුර - පානදුර මර්ගය ඔස්සේ ගමන්ගන්නා සියලුම බස් රථ එම මාර්ගයේ පිහිටා ඇති නව බස් නැවතුම්පොලේ ගාල් කරයි. අනෙකුත් සියලුම බස් රථ පාදුක්ක මාර්ගයේ පිහිටා ඇති පැරණි බස් නැවතුම්පොලේ ගාල් කරනු ලබයි.
| මාර්ග අංකය | ගමනාන්තය |
|---|---|
| 449 | හොරණ - ඉංගිරිය |
| 285 | බුලත්සිංහල - ඉංගිරිය (ඈගල්ඔය හරහා) |
| 125 | මහරගම - ඉංගිරිය |
| 125 | පිටකොටුව - ඉංගිරිය (ගොඩගම හරහා) |
| 686 | කීනගහවිල - ඉංගිරිය (නාච්චිමලේ ප්‍රදේශය) |
| 885 | දුම්බර - ඉංගිරිය |
| 491 | රත්නපුර - ඉංගිරිය |
| 885 | ගවරගිරිය - ඉංගිරිය |
| 1/288 | එපිටවත්ත - ඉංගිරිය (හල්වතුර හරහා) |
| 2/282 | පාදුක්ක - ඉංගිරිය (යටවතුර, පනංගල, මාපුටුගල හරහා) |
| - | මාතලේ - ඉංගිරිය |
| මාර්ග අංකය | ගමනාන්තය |
|---|---|
| 450 | රත්නපුර - පානදුර |
| 449 | කරඳන - හොරණ |
| 064 | පානදුර - මහියංගනය |
| 064 | පානදුර - බදුල්ල |
| 64/98 | පානදුර - අම්පාර |
| 064 | අළුත්ගම - බලංගොඩ |
| 457 | ඇඹිලිපිටිය - සූරියවැව |
| 120 | කලවාන - කොළඹ |
| 473 | කලවාන - හොරණ |
| 190 | බුලත්සිංහල - පිටකොටුව (බත්තරමුල්ල හරහා) |

























